පාර්ලිමේන්තුව මේ සතියේ දින තුනක් රැස්වෙයි

ලබන 4 සිට 6 දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ

ලබන 4 සිට 6 දක්වා දින 3ක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

4වැනිදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුදල් අමාත්‍යාංශය අලි සබ්රී ඇතුළු නියෝජිතයින් පැවැත් වූ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ අමාත්‍යාංශයේ නිවේදනය යටතේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සිදු විය.

ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා එම ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය.

ලබන 6 අනෙක් අනෙකුත් දින දෙකෙහිම පෙරවරු 10.00 සිට 11. 00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

5 නියමිත වැඩකටයුතු යටතේ ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානයේ පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය.

8 පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

The post පාර්ලිමේන්තුව මේ සතියේ දින තුනක් රැස්වෙයි appeared first on Aruna.

Next Post

ගාලු මුවදොර විරෝධයට දින 24යි

Mon May 2 , 2022
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්විය යුතු බවට බලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේ ආරම්භ කර ඇති අඛණ්ඩ විරෝධතාවට අදට (2) දින 24 ක් සම්පූර්ණ විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.