නිතීඥ සංගමය මල්වතු මහනායක හිමිව බැහැදකී

මාස 18කට ඇමතිවරු 15ක් සහිතව ජාතික ආණ්ඩුවක්

මේ වන විට මතුව ඇති අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් සකස් කළ යෝජනාවක් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිජය්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත භාරදී තිබේ.

අද ඊට අමතරව මල්වතු විහාරය වෙත ගිය ශ්‍රී ලංකා සංගමය මෙම පාර්ශ්ව යෝජනා 13 කින් සමන්විත ප්‍රකාශය මල්වතු මහානාහිමි වෙත භාරදී ඇත.

ශ්‍රී ලංකා ආයතනයේ සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ,

“මේක අපි විශ්වාස කරනවා… 19 වැනි සංශෝධනයට යම් යම් වෙනස්කම්වලට යටත්ව ඉදිරිපත් කිරීමට අවසර දෙන්න. දෙවනුව අපි ඉදිරිපත් කර තිබෙන්නේ සියලු දේශපාලන පක්ෂ එකතුවෙලා ජාතික ආණ්ඩුවක් තෝරා ගැනීමටයි. උපරිම මාස 18ක කාලයකට. කැබිනට් ඇමතිවරු 15ක් සහිතව ජාතික ආණ්ඩුවක් තෝරා ගැනීමට අවශ්‍යයි.”

The post නිතීඥ සංගමය මල්වතු මහනායක හිමිව බැහැදකී appeared first on අරුණ.

Next Post

පාස්පෝට් කන්තොරුවේ දොර හෙට බාගෙට

Tue May 3 , 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට හෙට (4) නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.