සිකුරාදා රටම වැසේ ?

දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක්

සිකුරාදා සියලුම අංශ එක්ව දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් පවත්වනු ලබන වෘත්තීය සමිති, සංවිධාන, දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් සූදානම් වේ.

ලබන 06 වනදා පැවැත්වීමට නියමිත හර්තාල් ව්‍යාපාරය සඳහා සියලු පහසුකම්වල සහයෝගය අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

“6 වෙනිදා අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය හා හර්තාලය පවත්වලා, දුෂිත රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල් පාලනයට අවසාන පණිවිඩය දෙනවා. 6 වෙනිදාට කලින් යන්න. ඒ නිසා මේ රටේ ජනතාවට අපි ආරාධනා කරනවා අරගලයට එකතුවෙන්න. අත්වැල් බැඳගන්න. වැඩබිම් නවතිනවා. ට්‍රාන්ස්පෝට් නවතිනවා. සියලුදෙනාම ගෙදර ඉඳන් තමන්ගේම තියෙන පාරට කළු කොඩියක් අරන් එන්න. ගෙදර කළු කොඩියක් දාන්න. ආයතනවල කළු කොඩියක් දාන්න. රටේ ජනතාව එක්ක එකතුව රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව තම මතය ප්‍රකාශ කිරීමේ බලය පෙන්වන්න. හර්තාලය සාර්ථකයි. මේ වෙනකොටත් ආණ්ඩුව තීරණය කරලා නැත්නම්, 6 වෙනිදා වෙනකොටත් තීරණය කරලා නැත්නම් අපි මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාර මේ රටේ බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ සියල්ල එකතුවෙලා 11 වෙනිදා පටන් ගන්නවා හර්තාලය. ආණ්ඩුව ගෙදර යනකල් නවත්වන්නේ.”

සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඉදිරියේදී සමස්ත සෞඛ්‍ය සේවාව සම්බන්ධ කර ගත් වැඩවර්ජනයක් බවට පත්ව ඇත.

The post සිකුරාදා රටම වැසේ ? appeared first on අරුණ.

Next Post

ලිපි ගොනු රැගෙන අනුර එයි

Tue May 3 , 2022
සජීවීව අරුණ තුලින් රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා කළ දූෂණ වංචා සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රකාශයක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට කරන හෙළිදරව්ව   The post ලිපි ගොනු රැගෙන අනුර එයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.