වෙඩි තැබීමට නියෝග

මහජන දේපල කොල්ලකන්න අයට වුන දේ

මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානිය සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත.

මේ අතර අද දින 06 දක්වා කාළය තුළ දිවයින පුරා ඇතිවූ කරන ලද තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් නිවේදනයක් මගින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මෙම තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පුද්ගලයින් 06 දෙනෙකු සහ දකුණු පළාතේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අදාළ වාර්තාව මගින් පොලීසිය පෙන්වා දෙයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ නිවාස 68කට සහ රථවාහන 47කට ගිනිතබා ඇති බවයි.

එසේම නිවාස 65කට සහ රථවාහන 41කට හානි සිදුකිරීම් වාර්තා වී ඇති බව එම නිවේදනය නිකුත් කර ඇත.

The post වෙඩි තැබීමට නියෝග appeared first on Aruna.

Next Post

ඩී.ඒ.රාජපක්ෂ පිළිරුව පෙරළයි

Tue May 10 , 2022
ඉතා දීර්ඝ කාලයක් වාර්සිකව ජාතික ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ උත්සවය සිදුකරන තංගල්ල නගරයේ මහවෙල පාරේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව මීට ටික වේලාවකට පෙර පෙරලා කඩා බිද දමා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.