හමුදාව හා පොලිසිය එක්වෙයි

නුවරඑළියේ ආරක්ෂාව දැඩිකරයි

 

පනවා ඇති ඇදිරි නිතිය තවදුරටත් දිර්ඝකරණය හමුවේ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව දැඩි කිරීමට යුධ හමුදාව සහ පොලිසිය පියවර ගෙන ඇත.

හැටන් , නුවරඑළිය, ගිනිගත්හේන යන නගර වල ආරක්ෂාව දැඩි කර ඇති අතර , සියලුම නගර ජන ශුනය වී පවති.

අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් ගමන් කරන අයගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඔහු සඳහා රාජකාරි සඳහා ආරක්ෂක නිලධාරි අවසර ලබා ඇත.

පනවා ඇති ඇදිරි නිතිය කෙසේ වෙතත් තේ වතු ආශ්‍රිතව තේ දළු නෙලීමේ කටයුතු සහ තේ කුඩු නිෂ්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු වන බව වතු පාලන අධිකාරිය පවසයි.

මේ අතර ඇදිරි නිතිය පැනවිමට ප්‍රථම හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් සහ පෞද්ගලික බස් රථ වලින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසක් හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ පිඩාවට පත් වී සිටින අතර , එම පිරිස අකුරැස්ස , කොළඹ , මාවනැල්ල , මහියංගණය යන ප්‍රදේශයේ සිට පැමිණි අය අතර , එම පිරිස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් , ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් සහ හැටන් පොලිසියේ නිලධාරින්ගේ මැදිහත් විමක් මත ඔහුට අවශ්‍ය පහසුකම් සලාසා දි එම පිරිස නිවාස වෙත යොමු කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇත.

මේ අතරමංව සිටි ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් (10) දින ඔහුගේ නිවාස කරා යොමු කිරීමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.

රංජිත් රාජපක්ෂ – හැටන්

9.jpg පෙන්වමින්

7.jpg පෙන්වමින්

11.jpg පෙන්වමින්

3.jpg පෙන්වමින්

The post හමුදාව හා පොලිසිය එක්වෙයි appeared first on අරුණ.

Next Post

විනාශයට හේතුව ඩලස් කියයි

Wed May 11 , 2022
ප්‍රජාන්ත්‍රවාදී සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව ආණ්ඩුවේ ඇතැමුන් ‘‘මාදවිවාදය‘‘ පැතිරවීමේ ප්‍රතිඵලය ලෙස නීතිය රහිත රටක් බවට රට වේගයෙන් පත්ව ඇතැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය නිවේදනයක් කරමින් කියා සිටියි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.