සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස්

රන්ජන්ට අද ජනපති සමාව හිමිවෙයි ?

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරකරුවන් 244 දෙනෙකු අද (15) විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාර පැවරී ඇති බලතල අනුවයි.

ඒ අනුව බන්ධනාගාරගතව අද දිනට සිර දඩුවම් විඳින සිරකරුවන්ට බන්ධනාගාරය තුල ගත කරන ලද දින 14ක් පොදු සමාව හිමිවනු ඇත.

දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව අද දිනට සිරදඩුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩුවමේ ඉදිරි කොටස අහෝසි කිරීම තවත් ආකාරයකි.

අද දින වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවූ සිරකරුවන්ගේ දඩුවම හරි අඩක් අඩු කිරීම සහ අඩකට වඩා වැඩි කාලයක් දඩුවම් විදින ලද සිරකරුවන්ගේ දඩුවමේ ඉතිරි කොටස අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ අනුව සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ජනපති සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පී රන්ජන්රාමනායකට නිදහස ඉල්ලා කලාකරුවන් නිසා වැලිකඩ බන්ධනාගාරය විරෝධතාවක නිරත විය.

ඒ අනුව අද දිනයේ රන්ජන් රාමනායකට ද ජනපති සමාව හිමිවේදැයි බොහෝ දෙනා බලාසිටියි.

The post සිරකරුවන් 244 දෙනෙකු අද නිදහස් appeared first on Aruna.

Next Post

ඇමෙරිකාවේ වෙඩි තැබීමක්

Sun May 15 , 2022
ඇමෙරිකාවේ, නිව්යෝක් ප්‍රාන්තයේ, බෆලෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු තරුණයකු කළ වෙඩි තැබීමකින් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් එරට මාධ්‍ය කරයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.