කඩිනමින් විදේශ විනිමය උපයා ගැනීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කර්මාන්ත ක්ෂේත්රයේ ඉඩ ප්රස්ථා පුළුල් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අද (ජූනි 16) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ජනාධිපතිවරයා කියා සිටියේ, දීර්ඝ කාලයක සිට පවතින නීති – රීති ආයෝජන සඳහා දැඩි බාධාවක්ව පැවති ආයෝජන දිරිගැන්වීම වෙනුවෙන් නව උපායමාර්ග අනුගමනය කර කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කිරීමට ඇති බව ය.විදේශ විනිමය ඉපැයිය හැකි කර්මාන්ත හඳුනාගෙන ඒවායේ ඉදිරි වැඩපිළිවෙළ කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.මෙහිදී අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ, දේශීය කර්මාන්ත සඳහා නව ප්‍රතිපත්තියක් සකස් කරන බව ය.
එහි ප්‍රධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර ඉතා කෙටි කාලයකදී එය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ය.කර්මාන්ත සඳහා අනුමැතිය ලබා දෙන සියලු ආයතන එක ම මේසයක සිට පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට පියවර නොගතහොත් ආයෝජකයන් දිනාගත නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.