අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක ආනයනය නතර කෙරේ . . .

සහල්, තිරිඟුපිටි, සීනි, පරිප්පු, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහයක් ආනයනය කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන සීයයක් මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කර ඇත. එම භාණ්ඩ විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වීමට ආනයනකරුවන් යෝජනා කළද ශ්‍රී ලංකා මහ බැංකුව ඊට විරුද්ධත්වය පළ කර තිබේ. ඊට හේතුව වන්නේ උණ්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරු වීම වැළැක්වීම සඳහාය. කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය ජූලි මාසයේදී පමණ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිලක් පැනවීමට යෝජනා කළත් වෙළෙඳ අමාත්‍යාංශය ඊට විරෝධය පළ කර තිබේ. ආනයනික සහල් සහ සීනි සඳහා පාලන මිලක් පැනවීමට වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී තීරණය වී ඇත. එහෙත් ඇමැති නලින් ප්‍රනාන්දු ඊට විරුද්ධත්වය පළ කර ඇත.

සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ මේ වන විට අලෙවි වන්නේ රුපියල් 300කටය. සීනි පාලන මිල ලෙස රුපියල් 150ක මිලක් ගැසට් කිරීමට සූදානම් වුවද එයද අත්හිටුවා ඇත. ඉන්දීය ණය ආධාර යටතේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් 190ක් වුවත් අලෙවි කරන මිල රුපියල් 240ක් බව තොග වෙළෙඳුන් අගමැතිවරයාටද දැනුම් දී තිබේ.

ඉන්දියාවෙන් රුපියල් 180කට ආනයනය කරන පොන්නි හා කෝරා සහල් වෙළෙඳපොළේ අලෙවි කිරීමට නියමිතව ඇත්තේ රුපියල් 235කටය. දැනට වෙළෙඳපොළේ රුපියල් 250කට අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව ඇත්තේ බී ලූනු හා අල පමණක් බව සඳහන්වේ. මේ නිසා ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මෙන්ම විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහය සඳහා පාලන මිලක් පනවන ලෙස තොග වෙළෙඳුන්ගේ සංගමය වෙළෙඳ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. එහෙත් මෙලෙස ගෙන්වන භාණ්ඩවල මිල උච්චාවචනය වීම් නිරීක්ෂණය කරන ලෙස වෙළෙඳ අමාත්‍යාංශය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් . . .

Sun Jun 19 , 2022
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවතිණි එක්දින තරගාවලියේ තුන්වන තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වුණා. එම තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 292 ක් රැස් කළ අතර දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකානු කණ්ඩායම එම ලකුණු සීමාව පහසුවෙන් ඉක්මවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x