ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති නොකරන ලෙසත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා පෙට්‍රල් ලබා ගැනීමෙන් වළකින ලෙසත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු ඉන්ධන මත යැපෙන අත්‍යාවශ්‍ය සේවාවල නිරත වන වෛද්‍යවරුන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවකයන් සඳහා ප්‍රමුඛතා පදනම මත ඉන්ධන නිකුත් කරන බව අමාත්‍යවරයා දැනුවත් කිරීමේ හමුවකදී ප්‍රකාශ කළේය.
මීළඟ පෙට්‍රල් තොගය ජූනි 23 වැනිදා දිවයිනට පැමිණෙනු ඇති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, අවශ්‍ය තරම් ඩීසල් තොග රට තුළ පවතින බැවින් දැන් ඒ සඳහා වැඩි ඉල්ලුමක් ඇති නොවන බවත්, කෙසේ වෙතත්, ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.