හෙට සිට ඉන්ධන ලබාදීම විශේෂ පිරිසකට . . .

 

පෞද්ගලික පොදු ප්‍රවාහන බස් රථ, විදේශ සංචාරයින්, පාසල් දරුවන් සහ පෞද්ලික අංශයේ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් සහ වෑන් රථ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝවලින් හෙට (20) සිට ඩීසල් ලබාදෙන බවත් මාර්ග අංක සහිත මාර්ගවල ධාවනය වන පොදු ප්‍රවාහන බස් රථ මින් ඉදිරියට වෙනත් පිරවුම්හල්වල පෝලිම්වලට සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය. 

වෘත්තියෙන් ත්‍රීරෝද රථ සේවයේ කටයුතු කරන (පූර්ණ කාලීනව) පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් හරහා කඩිනමින් ලියාපදිංචි කිරීමට උපදෙස් දුන් බව කී අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ගේ නාමලේඛණයක් සකස් කර අදාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල්වලට වෙන්කර ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත්ය.

වෛද්‍යවරු විශේෂ අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා සිකුරාදා දිනයේ සේවය කරන රෝහල ආසන්නයේ ඇති පිරවුම්හලකින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් වෛද්‍යවරුන්ට සමගාමීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ද එම අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා කීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ මාර්ගයක් වැසූ 21 දෙනෙකු අත්අඩංගුවට ​. . .

Mon Jun 20 , 2022
    ජනාධිපති කාර්යාලය සඳහා ලෝටස් මාවත දෙසින් භාවිත කරමින් තිබූ පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන් ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙකද අවහිර කරමින් විරෝධතාවයේ නිරතවු 21 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පිරිස අතර හිමි නමක්, කාන්තාවන් හතරදෙනෙකු සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x