උතුරු කොරියාවේ අවම වශයෙන් පවුල් 800 ක් පමණ හඳුනා නොගත් අමාශය ආශ්රිත රෝගයකින් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, හඳුනා නොගත් යැයි උතුරු කොරියා බලධාරීන් පවසන මෙම රෝගය කොළරාව හෝ ටයිපොයිඩ් උණ විය හැකි බවයි.
KCNA පුවත් සේවය වාර්තා කර ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ බලධාරීන් මෙම හඳුනා නොගත් අමාශය ආශ්රිත රෝගයෙන් පීඩා විඳින පවුල්වලට ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ,ආහාර සහ අනිකුත් දෛනික අවශ්‍යතා ලබාදීමට කටයුතු කරන බවයි. උතුරු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව කොවිඩ් රෝගයෙන් පීඩා විඳින අතරතුර “උග්‍ර ආන්ත්රික වසංගතයකට”ද මුහුණ දීමට සිදුව ඇති බවයි.