භාණ්ඩ රැසක මිල ගණන් යලිත් ඉහළට . . .

වෙළඳපලේ ඇසුරුම් කරන ලද භාණ්ඩ රැසක මිල ගණන් යලි ඉහළ දමා තිබෙනවා. එදිනෙදා භාවිතයට ගන්නා සබන්, දත් බෙහෙත්, බිස්කට් වර්ග හා නුඩ්ලස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ. මීට සති 2කට පමණ පෙර රුපියල් 135 ක් පමණ මිලක පැවති ඇඟ ගල්වන සබන් කැටයක මිල මේ වනවිට රුපියල් 185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම දෛනිකව භාවිතයට ගැනෙන දත් බෙහෙත් මධ්‍යම ප්‍රමාණයේ පැකට්ටුවක මිල ද රුපියල් 185 දන්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ග්‍රෑම් 160ක් බරැති විශාල ප්‍රමාණයේ දත් බෙහෙත් පැකැට්ටුවක මිල ද රුපියල් 310 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් කළේ.

මීට අමතරව, කොළඹ ඇතුළු නගරබද ප්‍රදේශවල කුලී නිවාසවල රැදී සිටින පුද්ගලයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා කුඩා ප්‍රමාණයේ ක්ෂණික නුඩ්ලස් පැකැට්ටුවක මිල රුපියල 120 දක්වා ඉහළ ගොස් ඇති අතර එය මීට පෙර පැවතියේ රුපියල් 55ත් 60ත් අතර මිලකටයි. එමෙන්ම බිස්කට් වර්ග වල මිල ගණන් ද යලිත් වරක් ඉහළ දමා තිබෙනවා. ග්‍රෑම් 75 ක කුඩා ප්‍රමණයේ බිස්කට් පැකැට්ටුවක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 60කට වන අතර එය මේ වනවිට රුපියල් 80ත් 120ත් අතර මිලකට අලෙවි වනවා.

ග්‍රෑම් 400 මධ්‍යම ප්‍රමාණයේ ඇතැම් බිස්කට් ඇතැම් බිස්කට් වර්ගවල මිල රුපියල් 450 ඉක්මවා ඇති බවටයි වාර්තා වන්නේ. මීට අමතරව ජනතාව වැඩි වශයෙන් මිලදි ගත් සෝයා පැකට්ටුවක මිල ද රුපියල් 110ත් 130ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට සූදානමක් . . .

Wed Jun 22 , 2022
පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x