විදෙස්ගත වන අයගේ වයස් සීමාව සංශෝධනය කරයි . . .

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැදපෙරදිග රටවල් සඳහා අවුරුදු 23 ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21 ක් ද වනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන එකී වයස් සීමාවන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට 2022 ජුනි මස 6 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව එකී අනු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා ගත කිරීමේ අවම වයස් සීමාව අවුරුදු 21 ක් වශයෙන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදෙස් ගමන් බලපත‍් නිකුත් කිරීම දෙගුණ වෙයි . . .

Tue Jun 21 , 2022
ඊයේ (20 දා) දිනයේ බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවට අති විශාල පිරිසක් සේවයන් ලබා ගැනීමට පැමිණ සිටි බව වාර්තාවේ. විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සදහා වන එක් දින සේවාවේ සේවය ලබා ගැනීම සදහා පැමිණි සිටි පිරිස රැදී සිටි පෝලිම කිලෝමීටර එක හමාරකට වඩා දිගු වූ බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අප කල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x