පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් මරාදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු අත්ඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 07 දෙනා ලබන මස 01 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග […]

නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක්  පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය. “නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි” යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද […]

ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප‍්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා. අනතුරින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ගිනිකොණ දිග ඛෝස්ට් නගරයේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයක මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්. යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සඳහන් කලේ ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා ඉන්දියාවේ […]

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි. විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා […]

පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.