ඉදිරි දින 75 ක් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් . . .

නොරච්චෝලේ මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරය නැවත ක්‍රියාත්මක වන තෙක්  පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර බදාදා (22) ප්‍රකාශ කළේය. “නොරොච්චෝලේ බලාගාරය නැවත විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන තුරු පැය දෙකහමාරක විදුලි කප්පාදුව එලෙසම පවත්වාගෙන යාමට සැලසුම් කරමි” යනුවෙන් අමාත්‍යවරයා බදාදා (22) ට්විටර් පණිවුඩයක්ද නිකුත් කළේය.

බදාදා ගොඩබෑමට බලාපොරොත්තු වූ බැර ඉන්ධන තෙල්/උදුනතෙල් සඳහා අඟහරුවාදා ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බවත් ඒවා බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත සඳහා යොදා ගන්නා බවත් ඔහු එහිදී පැවසීය. නොරොච්චෝලේ බලාගාරයේ දින 75 ක සැලසුම් කළ නඩත්තු කටයුතු හේතුවෙන් එහි ඒකක තුනෙන් එකක් පසුගිය සතියේ අක්‍රිය විය. වසා දැමීමට පෙර, මාර්තු මාසයේ පැය 13 ක් තරම් ඉහළ මට්ටමක පැවති විදුලි කප්පාදුවේ කාලය පැයක් දක්වා අඩු කර  තිබුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

එරංග, මනුවර්ණ, රැට්ටා, ජෙහාන් ඇතුළු 07ක් අත්ඩංගුවට . . .

Wed Jun 22 , 2022
පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් මරාදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු අත්ඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 07 දෙනා ලබන මස 01 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x