පසුගිය ජුනි 09 වනදා සහ 10 වනදා සිදු කළ විරෝධතා සම්බන්ධයෙන් මරාදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු අත්ඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, සමාජමාධ්‍ය ක්‍රියාකරු රැට්ටා, රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි ඇතුළු 07 දෙනා ලබන මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එම පිරිස පොලීසිය වෙත බාර වී ඇත්තේ පසුගිය 17 වනදා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කර තිබූ නිවේදනයක් අනුවය. එම නිවේදනය අනුව වසන්ත මුදලිගේ, ලහිරු චතුරංග වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර, ජෙහාන් අප්පුහාමි, ගල්වැව සිරිධම්ම හිමි සැකකරුවන් ලෙස අත්ඩංගුවට ගැනීමට නියෝග කර තිබිණි.
“ජොන්ස්ටන්ලට ඇප දුන්නට අපිට ඇප දෙන්නේ නැහැ. අරගල දිගටම යනවා. ජයවේවා.” යැයි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සඳහන් කළේය. ඔහු මේ බව පැවසූවේ මරදාන පොලිස්ථානයට බාරවීමෙන් පසු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස පළවෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙම නඩුව ලබන මස 05 වනදා යළි කැඳවීමට නියමිතය.