පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප ඉහළ දැමීම සඳහා සාකච්ඡා පවත්වා තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම වතු කම්කරුවන්ගේ වැටුප දැනෙන ආකාරයෙන් ඉහළ දැමීම සඳහා කම්කරු අමාත්‍යාංශය පැත්තෙන් පෙනී සිටින බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර එහිදී සඳහන් කළේය. “මේ දිනවල කම්කරුවෝ ජීවත් වෙන්නේ අමාරුවෙන් කියලා හැමෝම කතාවෙනවා. අපි ඒක පිළිගන්නවා.” පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ අවම වැටුප යම්කිසි ප්‍රමාණයකින් වැඩි කරන්න මේ වන විට සාකච්ඡා පවත්වලා තිබෙනවා. ඉදිරියේදී ඒ නිශ්චිත අවම වැටුප සමග පෞද්ගලික ක්ෂේත්රයේ අවම වැටුප වැඩි කරලා පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වතු කම්කරුවාගේ පැත්තෙනුතේ විශේෂ ඉල්ලීම් ගණනාවක් ලැබෙමින් පවතිනවා. ඒ අනුව වතු කම්කරුවන්ටත් දැනෙන වැටුප් වර්ධනයක් ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා.