අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි. විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වෙයි. කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් තර්ස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බවද වැඩිදුරටත් වාර්තා වී තිබේ.
Subscribe
0 Comments