ඉන්ධන නැව අද නොවෙයි හෙට . . .

අද දිවයිනට ළඟාවීමට නියමිත වූ පෙට‍්‍රල් නෞකාව පැමිණීම දිනයකින් ප‍්‍රමාද වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව සඳහන් කලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්. අද උදෑසන පැමිණීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු මෙම නෞකාවේ ප‍්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු දක්වා නැහැ.

අද සහ හෙට පෙට‍්‍රල් බෙදා හැරීමේ කටයුතු සීමා කිරීමට සිදුව ඇති බවයි කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කරයි. සුපර් ඩීසල් බෙදා හැරෙන්නේ ද සීමා සහිතවයි. කෙසේවෙතත් පූර්ණ ධාරිතාවයෙන් ඔටෝ ඩීසල් බෙදා හැරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ඉන්ධන සහ ගෑස් හිඟය හේතුවෙන් තවදුරටත් දිවා රෑ නොබලා පාරිභෝගිකයින් පෝලිම්වල රැඳී සිටී.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන නිසා හමුදාව සහ පොලිසිය ගැටුමක . . .

Thu Jun 23 , 2022
[Video] ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමකට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා. මෙම සිදුවීම වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ සිද්ධියක් බව පොලිසිය පවසනවා. ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x