ඉන්ධන නිසා හමුදාව සහ පොලිසිය ගැටුමක . . .

[Video]

ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු සහ යුද හමුදා නිලධාරියෙකු අතර ඇති වූ ගැටුමකට අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට සංසරණය වනවා.

මෙම සිදුවීම වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ සිද්ධියක් බව පොලිසිය පවසනවා. ආරක්ෂක රාජකාරීවල නිරතව සිටි යුද හමුදා ලුතිනන්වරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර බහින්බස්වීමක් සිදු වීමෙන් අනතුරුව යුද හමුදා ලුතිනන්වරයා පොලිස් නිලධාරීවරයා අතර මෙම ගැටුම නිර්මාණය වී ඇති බව සඳහන්. පහරකෑමට ලක් වූ අදාළ පොලිස් නිලධාරියා මේ වන විට වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන්වරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔහුව අද වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වරාය ඉදිකිරීමට ගත් ණය ගෙවා නෑ . . .

Fri Jun 24 , 2022
හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට මහ භාණ්ඩාගාරය විසින් යොදාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළි විය. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x