හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කිරීමට මහ භාණ්ඩාගාරය විසින් යොදාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළි විය. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්රකාශනයක මේවනවිට නොපෙන්වන බවත් කෝප් කමිටුව පවසයි. හම්බන්තොට වරාය 2017 වසරේදී බද්දට දීමේදී ලැබුණු මුදල මෙන්ම ඉතිරි ණය මුදල වරාය අධිකාරිය මහාභාණ්ඩාගාරයට ලබා දුන් බවත් ණය පොලී අනුපාතය අඩු අගයක් ගත් බැවින් වරාය ඉදිකිරීමට ගත් ණය මුදල පියවීම සිදුනොකර භාණ්ඩාගාරය ඒ මුදල රජයේ වියදම් සදහා යොදා ගෙන ඇති බවත් මෙහිදී හෙළිදරව්වී ඇත.
වරාය අධිකාරියේ ගිණුම් වල 2017 නොවැම්බර් 30 වනවිට ඉතිරිව පැවති රුපියල් කෝටි දාහතර දහස් දහස් හත් සිය හතළිස් හයක ණය හා පොලී ශේෂය සහ රුපියල් කෝටි 4154 ක විදේශ විනිමය පරිවර්තන අලාභය වරාය අධිකාරිය විසින් මහාභාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමතියකින් තොරව මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත් කර ඇත. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්රකාශනයක මේවනවිට නොපෙන්වන බවද එම කමිටුවේ දී හෙළි වී ඇත.
මෙහෙයුම් කටයුතු 2017 නොවැම්බර් සිට නතර කර ඇති අධිකාරියේ පරිපාලිත සමාගමක් වන මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගම 2014 වර්ෂයේදී නැව් තෙල් මිලදී ගැනීම සදහා මෙරට බැංකුවකින් ඇ.ඩො මිලියන 24 ක ණය මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදල පියවීමට අපොහොසත්වීම නිසා අදාළ බැංකුව මෙම සමාගමට විරුද්ධව නඩු පවරා ඇති බවත් කෝප් කමිටු රැස්වීමේදී තොරතුරු හෙළිවී ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 24 ක නැව් තෙල් මිලදී ගත්තද එම තෙල් භාවිත නොකර දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා කල් ඉකුත් වූ පසු ඇ.ඩො. මිලියන 3.5 කට විකුණා ඇති බවද හෙළිදරව් වී ඇත. මේ අනුව ඇ.ඩො මිලියන 20.5 කට ආසන්න අලාභයක් මෙහිදී සිදුවී ඇති බවටද නිරීක්ෂණයවී ඇත. චීන සමාගමකට හම්බන්තොට වරාය 2017 දී බදු දීමේදී මෙම ‘මාගම්පුර වරාය කළමණාකරණ සේවා පුද්ගලික සමාගමේ’ තෙල් ටැංකි සියල්ලද පවරා දී ඇති බවත් එම අවස්ථාවේදී මෙම ණය මුදල් පිළිබදව අනාවරණය කර නොමැති බවත් මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.
වරාය අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව වන 9990 ඉක්මවා නොගියද අවිධිමත් හා සංකීර්ණ ලෙස බදවා ගැනීම් සිදුව ඇති බවද මෙහිදී තොරතුරු හෙළිවිය. වරාය අධිකාරිය 2010 වසරේදී ඉදිරිපත්කර ඇති සේවකයන් බදවා ගැනීමේ පටිපාටිය (SOR) කළමනාකරණ සේවා දෙපාරතමේන්තුවෙන් අනුමත වී නොමැති බවද අනාවරණය විය. ආයතනය සහ සේවකයන් අතර සාමුහික ගිවිසුම් මගින් බදවා ගැනීමේ පටිපාටිය හා වැටුප් තල තීරණය කර ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.
මේ අතර වරාය අධිකාරියේ සේවකයන් සදහා 2021 වර්ෂයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 585 ක් ගෙවා ඇතැයිද, මින් රුපියල් කෝටි 117ක් ගෙවා ඇත්තේ සේවක අතිරික්ත පවතින අංශවල සේවකයන් සඳහා බවද මෙහිදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත් සේවකයින් බඳවා ගැනීමේදී කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ වැටුප් කොමිසමේ නිර්දේශයන්ට වරාය අධිකාරිය එකගත්වය පළ කර නොමැති බවද ඒ අනුව තනතුරු පමණක් අනුමත කර ඇති බවද හෙළිවිය. අධිකාරියේ අදාළ වැටුප් තල අනුමත නොවන නිසා බදවා ගැනීමේ පටිපාටියද (SOR) අනුමත කරගත නොහැකිවී ඇති බවද තවදුටරටත් මෙහිදී අනාවරණය විය.වැඩ සහයකයන් ලෙස සුදුසුකම් රහිත 1500 කට ආසන්න ප්‍රමාණයක් බදවා ගෙන ඇති තත්ත්වයක එම වෘත්තිය හැකියාව රහිත පුද්ගලයන් සදහා රාජකාරිය වෙනුවෙන් අමතරව අතිකාල දීමනා ගෙවා ඇති බව මෙහිදී අනාවරණය විය. තවද මාසකට පැය 400 ක් පමණ අතිකාල දීමනා ගන්නා සේවකයන් සිටින බවද මෙහිදී හෙළි විය.
2016 සිට 2021 දක්වා අධිකාරිය රු. මිලියන 69,686 ක් ලාභ ලබා තිබුණද භාණ්ඩාගාරයට ලබා දී ඇත්තේ රු. මිලියන 600ක් බවද මෙහිදී අනාවරණය විය.