ඊයේ දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉරිදා නිවාඩු දිනයක් බැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සදුදා දිනය තෙක් ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී. ඊයේ පෙරවරුවේ ඉන්ධන පුරවාගත් රථ හැර කිසිඳු බවුසරයක් පිරවුම්හල් වෙත නොයනු ඇති බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය. මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දී ඇත්තේ සැලසුම් කළ ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වෙන බැවින් මෙරටට පැමිණෙන දිනයක් සහතික කළ නොහැකි නිසා ඉදිරි කාලය තුල ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා පමනක් සදහාය.
Subscribe
0 Comments