ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි . . .

ඊයේ දහවල් දොළහේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ඇණවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නවතා ඇතැයි ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඉරිදා නිවාඩු දිනයක් බැවින් එදිනටද ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවද ඒ අනුව සදුදා දිනය තෙක් ඉන්ධන ප්‍රවාහන කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන් කියා සිටී. ඊයේ පෙරවරුවේ ඉන්ධන පුරවාගත් රථ හැර කිසිඳු බවුසරයක් පිරවුම්හල් වෙත නොයනු ඇති බවත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේය. මේ අතර බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර දැනුම් දී ඇත්තේ සැලසුම් කළ ඉන්ධන නැව් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද වෙන බැවින් මෙරටට පැමිණෙන දිනයක් සහතික කළ නොහැකි නිසා ඉදිරි කාලය තුල ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා පමනක් සදහාය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ණය කාඩ්පත් පොලී අනුපාතය වැඩි කරයි . . .

Sun Jun 26 , 2022
ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණයෙන් පසු එතෙක්  18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x