Site icon Peoples Media

බස් ප්‍රවේශ පත් ගාස්තු සංශෝධනයක් . . .

ඉන්ධන මිල ඉහළ යාමත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව හෙට (27) සිටම ඉහළ දැමිම සිදුකළ යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මේ අනුව නව ගාස්තුව ලෙස පවතින අවම මිල ගණන් 35% ත් 40% අතර ප්‍රමාණයකින් වැඩිවිය යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටින අතර දැනට පවතින අවම බස් ගාස්තු මිල නව සංශෝධනයත් සමග රුපියල් 40/= ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.

හෙට දහවල් 12 වන විට බස් ගාස්තුව සංශෝධනය නොවන්නේ නම් ඉදිරියේ දී බස් ධාවනයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

Exit mobile version