සඳුදා සිට පාසල් පැවැත්වෙන්නේ මෙහෙමයි . . .

සඳුදා (ජූනි 27) සිට ජූලි 1 වන දා දක්වා වූ සතිය තුළ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව, 2022-06-20 සිට 2022-06-24 දින දක්වා ග්‍රාමීය පාසල්වල පාසල් පැවත්වූ ආකාරයට සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතු ය. මෙම පාසල්වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම්, විදුහල්පතිවරුන් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩුවලින් නිදහස් කර නම්‍යශීලී කාලසටහන් සකස් කළ යුතු ය.

පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 3ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙරවරු 07.30 සිට පස්වරු 01.30 දක්වා පැවැත්විය යුතු ය.
මෙම පාසල්වල ද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හිමි වේ. සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම/ වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මගින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගත යුතුය. ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට ද කටයුතු කෙරේ.

ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටට අවශ්‍ය ඩොලර් දෙන්න පිරිසක් සූදානම් . . .

Sun Jun 26 , 2022
මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් මෙරටට ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා දේශප්‍රේමී ඩයස් පෝරාව පවසනවා. ස්විට්සර්ලන්තයේ ලුසර්නර් විශ්ව විද්‍යාලයේ පර්‍යේෂක වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේ, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සියලු පාර්ශවවලින් සැදුම්ලත් ජාතික සභාවක් හරහා යෝජවලියක් ඉදිරිපත් කරන්නේ නම් රටට අවශ්‍ය එම මුදල ලබා දීමට කටයුතු කරනු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x