ණය කාඩ්පත් පොලී අනුපාතය වැඩි කරයි . . .

ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 8 වැනිදා ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණයෙන් පසු එතෙක්  18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය අද වන විට  30% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පැවැසෙයි. එක් වාණිජ බැංකුවක් පමණක් ණය කාඩ්පත් පොලිය ජූලි මස සිට තවත්  6%  කින් වැඩි කරමින්  36% සීමාවට රැගෙන විත් ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තා වලට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය වන විට සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් වන අතර මෙම ණය කාඩ්පත් වෙනුවෙන් අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 138,192 කි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රීරෝද රථ ගාස්තු යලි ඉහළට . . .

Sun Jun 26 , 2022
ඉන්ධන මිල යළි ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා මේ වනවිට අය කෙරෙන රුපියල් 100/= ක ගාස්තුවේ වෙනසක් සිදු නොවන නමුත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 80/= ක ගාස්තුව රුපියල් 90/= දක්වා වැඩි කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා කොළඹදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x