බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා.
අක්ශය කුමාර්ද පසුගියදා COVID-19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.
ගතවූ දින කිහිපය තුල බොලිවුඩ් තරු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වූ බවට කරුණු වාර්තා වූ අතර වෛරසයට ගොදුරු වූ නවතම සාමාජිකයා වන්නේ ෂාරුක් ඛාන්. මේ අතර, දිනපතා නව වෛරස් අසදිතයන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබීමෙන් පසු මුම්බායි නගරයේ ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙසට ද දැනුම් දී තිබෙනවා.