රට යලිත් වැසේද . . . ?

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දිනකටවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන සංචිතික් බව ඩේලි මිරර් පුවත්පත තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් උපුටමින් කියා සිටියි. දැනට ඇත්තේ පෙට‍්‍රල් ටොන් 1100ක් සහ ඩීසල් 7500ක් පමණක් බවත් එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර ඇති බවත් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සදහා නම් ජාත්‍යන්තර බැංකුවක ඇපකර ඉල්ලා සිටින බවද සඳහන්ය. පසුගිය සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිනයහොත් පොදු ප්‍රවාහනය පවා ඇනහිට රටම සම්පූර්ණ ක්‍රියාවිරහිත වනු ඇතැයි වාර්තාව තවදුරටත් කියා සිටියි.

දැනට පවතින සුළු ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන නිසා මහජනතාවට ටෝකන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමද නිෂ්ඵල වනු ඇති බවත් බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග සැපයීමට නොහැකි වීමෙන් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වනු ඇති බවද ආරංචි මාර්ගවලින් වාර්තාව සඳහන් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැර කල්ලියක් අතට පත් ඉන්ධන පිරවුම්හලක් . . .

Mon Jun 27 , 2022
හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති. මෙම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් පිරිසක් යොදවා සිටියද එම මැර කල්ලිය ආරක්ෂක අංශ නිලධාරීන් ගණනකටවත් නොගෙන රිසි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x