විදුලි බිලට කරන්න හදන අලුත්ම වැඩේ . . .

විදුලි බිල වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම පිළිබඳව සහ ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රතියෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් කැඳවීමට එම කොමිසම තීරණය කර තිබේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව පැවසීය. ඒ අනුව අදාළ තොරතුරු අද මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. ලිඛිත අදහස්  “ජනක රත්නායක, සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව යන ලිපිනය හරහා තැපැල් මාර්ගයෙන් ඊමේල් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළහැකි වනු ඇති. මේ අතර ලිඛිත අදහස් දැක්වීම් 2022 ජුලි 18 වැනි දින දක්වා බාර ගන්නා අතර මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවත්වෙන දිනය හා ස්ථානය ආදි තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

එම වාචික අදහස් දැක්වීමේ සැසියට මාර්ගත (ONLINE) ක්‍රම ඔස්සේ ද සහභාගි වීම සදහා පහසුකම් සලසනු ලැබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා. “මීට මාස කිහිපයකට ප්‍රථමයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙතින් ඉල්ලීමක් කලා තිබුණා ගාස්තු සංශෝධනයක් අවශ්‍යයි කියලා. ඒ සඳහා මහජන උපදේශනයක් පැවැත්වීමට අපි තීරණය කරලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසම. ඒ දැන්වීම අද දිනයේදී පුවත්පත්වල ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රකාශයට පත්කරනු ලබනවා. එයින් අපි බලාපොරොත්තුවන්නේ විදුලිබල මණ්ඩලය කරපු යෝජනාව මහජනතාව අතට පත්කරලා මහජනතාවගේ යෝජනා අදහස් උදහස් ලබාගැනීම තමයි මේ වගේ විදුලිබිල සංශෝධනයක් සඳහා කරන ක්‍රියා පටිපාටියේ මූලික පියවර වන්නේ.

ඒ අනුව මහජනතාවට පුළුවන් අපි ඒ සියලුම තොරතුරු අද දිනයේදී මාධ්‍යයට නිකුත් කරාට පස්සේ අපේ වෙබ් සයිට් එකට පැමිණිලා බලන්න පුළුවන් මොකක්ද විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම මොකක්ද ඒකට ඉදිරිපත් කරලා තියෙන ප්‍රතියෝජනාව ඒ අනුව මහජනතාවට පුළුවන් අද සිට සති තුනක් ඇතුළත, දවස් 21ක් ඇතුළත තමන්ගේ යෝජනා ලිඛිතව මහජන උපයෝගීතා කොමිසමට දැන්වීමට.

ඒ අනුව අපි අවස්ථාව ලබාදීලා තියෙනවා.” “මාසික විදුලි පරිභෝජනය ඒකක 60ට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14ක්. එය සමස්ත ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් 50% ක් පමණ වේ. මෙම විදුලි පාරිභෝගික පිරිස සදහා රුපියල් බිලියන 65ක ක සහනාධාරයක් සපයන ලෙසට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා තොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනයට ඒකක 60ට වඩා අඩු කාණ්ඩය සදහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකියි. ලංවිම යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලිබිල රුපියල් 507ක් දක්වා ඉහල යනවා. එය සියයට 835ක වැඩිවීමක්. මාසික පරිභෝජනය ඒකකට 30වැඩි 60 අඩු අයගේ සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488ක් දක්වා ඉහල යනවා. ප්‍රතිශතයක් වශයෙන් 673% ක ගාස්තු ඉහල යාමක්. මේ සහනාධාරය හේතුවෙන් එවැනි ගාස්තු වැඩකිරීමක් වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකටයින් සදහා සමාන්‍ය මාසික විදුලි බිල රුපිලයල් 227ක් හා ඒකක 30ට වැඩි ඒකක 60ට අඩු පාරිභෝගිකයින් සදහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658ක මට්ටමේ පවත්වා ගත හැකි වනවා.

ඒ අනුව අපි එම කාණ්ඩ දෙක සදහා පිළිවෙලින් ගාස්තු ඉහල යාම 320% හා 242% මට්ටමට අඩු කලා. සමස්ත ගෘහස්ත අංශය සදහා සියයට 138ක ගාස්තු ඉහලදැමීමක් යෝජනා කරතිබුණත් එය සියයට 67කට වඩා නොවැඩි විය යුතු යයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දී ඇත. පොදුකාර්ය කාණ්ඩයයේ විදුලි පාරිභෝගිකයින් සදහා සියයට 45ක් ද කර්මාන්ත අංශයේ විදුලි පාරිභෝගිකයින් සදහා සියයයට 61ක් ද හෝටල් අංශය සදහා සියයට 43ක් ද රාජ්‍ය ආයතන සදහා සියයට 43ක් ද ආගමික ස්ථාන සදහා සියයට 189ක් ද වශයෙන් විදුලි ගාස්තු වැඩිකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබෙනවා”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැරෙන එකත් කල් දමන්න . . .

Tue Jun 28 , 2022
රටේ එමට ප්‍රශ්න ඇතත් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් පේන තෙක් මානයක නොමැත. ප්‍රශ්නවලට විසඳුම් නැතත් රටේ ආණ්ඩුවක් ඇත. මේ වනවිට ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ දිනපතා මාධ්‍ය හමු පවත්වමින් අර්බුදයේ ගැඹුර ජනතාවට පැහැදිලි කිරීමයි. එහෙත්, ජනතාව ඉල්ලා සිටින්නේ අර්බුදයේ ගැඹුර හොඳින්ම දන්නා බැවින් අර්බුදය පැහැදිලි කිරීම වෙනුවට අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසයි. විසඳුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x