ෂාරුක් ඛාන් ගැන අසුබ පුවතක් වාර්තා වෙයි . . .

බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා.

අක්ශය කුමාර්ද පසුගියදා COVID-19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

ගතවූ දින කිහිපය තුල බොලිවුඩ් තරු කිහිප දෙනෙකුටම වෛරසය ආසාදනය වූ බවට කරුණු වාර්තා වූ අතර වෛරසයට ගොදුරු වූ නවතම සාමාජිකයා වන්නේ ෂාරුක් ඛාන්. මේ අතර, දිනපතා නව වෛරස් අසදිතයන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබීමෙන් පසු මුම්බායි නගරයේ ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපදින ලෙසට ද දැනුම් දී තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වේවැල පසක දමා සුක්කානම අතට ගත් ආදර්ශමත් විදුහල්පති . . .

Mon Jun 27 , 2022
පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ දෙවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්පති ජේ.කේ චමින්ද ප්‍රියශාන්ත කටයුතු කරයි. බස් රථයේ රියැදුරු ලෙස විදුහල්පතිවරයා කටයුතු කරයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනපුරා පාසල් වසා දැමීමට කටයුතු කළ අවස්ථාවක තම පාසල වසා දැමීමට කටයුතු නොකළ විදුහල්පතිවරයා ප්‍රවාහන අපහසුතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x