හෙට සිට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල හදිසි සේවා පමණයි . . .

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රජය පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමට කටයුතු නොකිරීම නිසා අඟහරුවාදා (28) දිනයේ සිට කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර අනෙකුත් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ නම් කළ ඉන්ධන පිරවුම්හල් 4න් පසුගිය සිකුරාදා දිනයේදී සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් නොව අනෙකුත් සාමාන්‍ය රථවාහන සඳහා ද ඉන්ධන නිකුත් කිරීම නිසා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පැය 12 – 14 අතර කාලයක් පෝලිම්වල රැඳී සිටිමට සිදුවුණු අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ සෞඛ්‍ය පරිපාලනයේ දුර්වල, අසංවිධිත මෙම වැඩපිළිවෙල නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් 20% කටවත් එදින ඉන්ධන ලබාගැනීමට නොහැකි වූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

මේ තත්වය තුළ ඉන්ධන නොමැති වීම හේතුවෙන් සඳුදා සිට තම සේවාවන් පවත්වාගෙන යාමට නොහැකි තත්වයට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පත්ව ඇති බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

RN

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ෂාරුක් ඛාන් ගැන අසුබ පුවතක් වාර්තා වෙයි . . .

Mon Jun 27 , 2022
බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා. අක්ශය කුමාර්ද පසුගියදා COVID-19 ආසාදනයෙන් පසු සුවය ලබා තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x