දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව ජනතා කැරැල්ලක් ආරම්භ කරනවා . . .

ආණ්ඩුව රට තල්ලුකරගෙන ගොස් ඇත්තේ බරපතල ඛේදවාචකයක් වෙත බවත් මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කැරැල්ලක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. ඒ උදෙසා වූ දැවැන්ත දේශපාලන ප්‍රවාහයක් ගොඩනැගීම වෙනුවෙන් සියළු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව පැවසූ විපක්ෂ නායකතුමා මේ මහා ජනතා අරගලය ආණ්ඩුව පන්නා දමන තුරු අවසන් නොකරන බවද පැවසීය. පවත්නා අර්බුදකාරී තත්ත්වය අබියස රට ගොඩනැගීම පිළිබදව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට තීරණය කළ අතර එහි පළමු අදියර අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ විය.

ඒ අනුව, නවලංකා නිදහස් පක්ෂය,පුරවැසි පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, අපේ ජනබල පක්ෂය, යන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි නියෝජිතයින් මේ අවස්ථාවට එක් වූහ. ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය සේවාව වන්නේ ජනාධිපති අගමැති, මැති ඇමති පුටු ආරක්ෂා කරගැනීම පමණක් බවත් එවන් තත්ත්වයක් තුළ රටේ ජනතාව අප්‍රමාණ පීඩාවන් වලින් දුක් විදින බවත් විපක්ෂ නායකතුමා පැවසීය. වැඩ බැරි ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් එවිට මේ රට ගොඩනගන ආණ්ඩුවක් සමගි ජන බලවේගය විසින් පිහිටුවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාණිජ බැංකු ශාඛාවන් විවෘතව පවතින වේලාවන්හි වෙනසක් . . .

Wed Jun 29 , 2022
අද සිට බැංකු කිහිපයක් විසින් සිය ගනුදෙනුකරුවන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.  රට තුළ පවතින වත්මන් වාතාවරණය තුළ වාණිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ඉන් පෙන්වා දෙයි. මෙහිදී අදාළ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල්/ අන්තර්ජාල බැංකු ක්‍රම වෙත යොමුවන ලෙසය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x