වැලිකන්ද – කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600කට ආසන්න පිරිසක් පළා ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බව ය. ඊයේ (28) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 600 දෙනෙකු පළා ගොස් ඇති බව ඔහු තහවුරු කළ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව පැවසුවේ තත්ත්වය පාලනය කිරීමට සහ පැනගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා ඇති බවයි.