බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්ර ලබාගැනීමට සහන කාලයක් දීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාල නිවේදනය කරයි.
ඒ අනුව ලබන ජූලි මස 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකරනු ඇති අතර බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස ආදායම් බලපත්ර ලබාගත හැකි බව බස්නාහිර පළාත් ප්රධාන ලේකම් කාර්යාල පවසයි.