ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කිරීමට සකසමින් තිබූ ගෝඩා මිලි ලීටර් 960,000ක් කසිප්පු මිලි ලීටර් 33,000 සමඟ පුද්ගලයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ හෝමාගම නියදගල ගුවන් පාළම අසල අධිවේගී මාර්ග රක්ෂිතයට යාබද වෙල් යායක දීය. පොලිසියට ලද තොරතුරක් අනුව හෝමාගම නියදගල ගුවන් පාලම අසල වෙල් යායක් පරීක්ෂා කිරීමේ දී එහි ස්ථාන පහක පොළොව යට බැරල් පහක සඟවා වළලා තිබිය දි යි මෙම ගෝඩා හා කසිප්පු සොයාගෙන ඇත. මෙම කසිප්පු හෝමාගම , මහරගම , කොට්ටාව යන ප්රදේශවලට තොග වශයෙන් අලෙවි කිරීමෙන් පසු ව ඒවා ඉන්ධන පෝලිම්වල රැඳී සිටින ජනතාවට අලෙවි කෙරෙන බව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ , හෝමාගම නියදගල පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද (30) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.