දරු ප්‍රසූතිය සඳහා අනිවාර්යයෙන්ම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙකු සිටින රජයේ රෝහලකට පැමිණෙන ලෙස සියලුම ගර්භිණී මව්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති මහාචාර්ය සනත් ලැනරෝල් විශේෂ ඉල්ලීමක් කරයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් කිසියම් ගර්භිණී මවකට හදිසි අවස්ථාවකදී රෝහල් ගත වීම සඳහා වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ විට සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගිලන් රථ ලබාදීමේ වැඩපිළිවෙළක් වහාම සකස් කරන ලෙසද පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් විශේඥවරයා ඉල්ලීමක්ද කළේය. අඩු අවදානම් සහිත මව්වරුන් වාහන ගැටලුවක් ඇත්නම් සති දෙකකට පෙර රෝහල් ගත වීමට වග බලා ගන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය. ගර්භිණී මවකට යම් ගැටලුවක් ඇත්නම් තමාගේ නාරිවේද වෛද්‍යවරයාට කථා කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීම කළ හැකි බවද මහාචාර්ය සනත් ලැනරෝල් සඳහන් කරයි.
දකුණු ආසියාවේ මාතෘ මරණ සහ නව ජන්ම මරණ අඩුම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බැවින් ලබාගත් මෙම ජයග්‍රහණය ගිලිහී යෑමට ඉඩ නොදී එය රැක ගැනීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කැපවීමෙන් කටයුතු කරන බවද හෙතෙම පැවැසීය.
ශ්‍රියානි විජේසිංහ