විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය සපයන සේවා සීමා කෙරේ . . .

රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, අද (ජූනි 30) සිට ජූලි 10 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ මහජන සේවා දින 3කට සීමා කර තිබේ. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශය මහජනතාවට සේවා සපයනු ඇත. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයනු ලැබේ.

හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොන්සියුලර් කටයුතු අංශය: කොළඹ – consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය: යාපනය – jaffna.consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය: මාතර – matara.consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය: මහනුවර – kandy.consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය: ත්‍රිකුණාමලය – trincomalee.consular@mfa.gov.lk

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය: කුරුණෑගල – kurunegala.consular@mfa.gov.lk

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත්කඩේ නීතීඥ විරෝධය . . .

Fri Jul 1 , 2022
“ජන පීඩක ආණ්ඩුව ඉවත් වෙනු” කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) පෙරවරුවේ ආරම්භ කළ නීතිඥවරු සංවිධානය කරන ලද සංකේතාත්මක සත්‍යග්‍රහයෙන් පසු එම නීතීඥ විරෝධය  ජනාධිපති මන්දිරය පිවිසුම් අසළට පැමිණ තිබේ. එම විරෝධය ආරම්භ වීමත් සමගම කොළඹ, කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලීසිය යොදවා කටයුතු කර ඇත. මෙම විරෝධතාවයට නීතිඥවරු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x