අලුත්කඩේ නීතීඥ විරෝධය . . .

“ජන පීඩක ආණ්ඩුව ඉවත් වෙනු” කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) පෙරවරුවේ ආරම්භ කළ නීතිඥවරු සංවිධානය කරන ලද සංකේතාත්මක සත්‍යග්‍රහයෙන් පසු එම නීතීඥ විරෝධය  ජනාධිපති මන්දිරය පිවිසුම් අසළට පැමිණ තිබේ. එම විරෝධය ආරම්භ වීමත් සමගම කොළඹ, කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලීසිය යොදවා කටයුතු කර ඇත. මෙම විරෝධතාවයට නීතිඥවරු විශාල පිරිසක් සහභාගී සිටින බව වාර්තා වේ. ඔවූන් පෙරවරුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ වාඩිලා ආණ්ඩුවට එරෙහිව සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වනලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති . . .

Fri Jul 1 , 2022
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. මේ අතර, ඉන්ධන ගැටලුව හේතුවෙන් දුම්රිය සේවකයින්ට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම නිසා අද (01) දිනයේදී කාර්යාල සේවා ඇතුලු ගමන් වාර 22ක් අවලංගු කර තිබිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x