‘එලවන්න කලින් පලයන් රනිල්’ විරෝධතා රට පුරා…

වැඩබලන රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද හෙට දින තුළ රට පුරා ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර තිබේ.ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීද මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇත. ‘එලවන්න කලින් පලයන් රනිල්’ සදහන් බැනරයක්ද එහි ප‍්‍රදර්ශණය කරමින් ඇත.ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ  රාජ්‍ය නායක ධුරය දැරීම සඳහා නුසුදුසු බව විරෝධතාකරුවන් කියා සිටිති.තම ඉල්ලීමට ඇහුම්කන් නොදී රනිල් වික්‍රමසිංහ  දිගටම රැඳී සිටීමට උත්සාහ කලහොත් ඉදිරියේ තත්ත්වය භයානක ඇතැයිද ඔවුන් කියා අනතුරු අඟවා සිටිති.මෙරට ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡුන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්, ඩලස්, අනුර කුමාර ජනපති සටනේ . . .

Tue Jul 19 , 2022
මෙරට 8වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සදහා නාමයෝජනා භාරගැනීම අද සිදුවිය. තිදෙනෙකුගේ නම් මේ සදහා යෝජනා විය. වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම දිනේෂ් ගුනවර්ධන මහතා විසින් යෝජනා කල අතර මනූෂ නානායක්කාර මහතා විසින් එය ස්ථිර කලේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍ර්මදාස මහතා විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x