තෙල් අර්බුදය තවත් උග්‍ර අතට – මහ බැංකු අධිපති කියයි . . .

 

ලබන අගෝස්තු මැද සිට මෙරටට ඉන්ධන ආනයනය කිරීම තවදුරටත් අර්බුදයට යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මාධ්‍යයට හෙළි කර තිබේ. මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී තිබෙන ප්‍රධානම කරුණ වන්නේ, ඩීසල් නැව් තුනකට සහ පෙට්‍රල් නැව් දෙකකට මේ වනවිටත් ඩොලර්වලින් ගෙවීම් කර ඇති බවය. එම තෙල් තොග අගෝස්තු මස මැද පමණ වනවිට අවසන් වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත.

නමුත් ඉන් ඉදිරියට තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය අවම වශයෙන් මාසයකට ඩොලර් මිලියන 400ක් පමණ සපයාගැනීම අවිනිශ්චිත බව හෙළි කර තිබේ. පසුගිය මාස කිහිපයකදී පැවති ඉන්ධන අර්බුදය තවදුරටත් අවිනිශ්චිත තත්වයට පත්වීම වැලැක්වීමට නම් වහාම විදේශ විනිමය සොයාගැනීමට සිදුවී ඇති බව පෙන්වා දී තිබේ. එහෙත් එයට ප්‍රමාණවත් තරම් ණය හෝ වෙනත් විදේශ විනිමය සපයා ගැනීමේ මාර්ගයක් මේ වනවිට විවෘත වී නැති බව ඔහු හෙළි කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද සහ බැසිල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝවේ . . .

Wed Jul 27 , 2022
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 02 වනදා දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඒ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x