උපරිම බලය යොදනවා – ආරක්‍ෂක ලේකම් . . .

රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීතිවිරෝධී කටයුතුවලදී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සඳුදා කැඳවීය. එහිදී විශේෂ දෙසුමක් පැවැත්වූ කමල් ගුණරත්න පැවසුවේ තමන් සහ ආරක්ෂක අංශ පවත්නා තත්ත්වය මාස 3ක් තිස්සේ ඉවසා සිටි බවය. නීතිවිරෝධී ක්‍රියා කරන්නන් ඉදිරියේදී හමුදාව මෙතෙක් ඉවසා සිටීම නිවටකමක් ලෙස ඇතැමුන් සිතන බව පැවසූ හෙතෙම රාජ්‍ය දේපළවලට හෝ රජයේ මර්මස්ථානවලට හානි කරන්නට මින් ඉදිරියට යමකු උත්සාහ කළහොත් හදිසි නීති රෙගුලාසි අනුව උපරිම බලය යොදවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක

Mon Aug 8 , 2022
තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා  සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මේ බව කීය.හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක  පැවසූයේ “ඇයි මට යන්න බැරිද? […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x