යුරෝපයේ පළමු monkeypox මරණය වාර්තා වෙයි

බ්‍රසීලයෙන් සහ ස්පාඤ්ඤයෙන් එම රටවල සිදු වූ පළමු monkeypox මරණ වාර්තා වී තිබේ.

බ්‍රසීලයේ 41 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රිකාවෙන් පිටත එම වෛරසයෙන් මියගිය පළමු පුද්ගලයා බවට පත් වී ඇති අතර අනතුරුව ඊට ටික වෙලාවකට පසු ස්පාඤ්ඤය ද එරට පළමු monkeypox මරණය නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු මරණය, යුරෝපයේ පළමු monkeypox මරණය බව ය.

පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) monkeypox වසංගතය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත්, monkeypox ආසාදන සාමාන්‍යයෙන් මෘදු වන අතර සාමාන්‍ය ජනතාවට ඉන් ඇති අවදානම අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, එරට මිය ගිය පුද්ගලයා ලිම්ෆෝමා නමැති පිළිකා රෝගයෙන් සහ හා දුර්වල ප්‍රතිශක්තිකරණයක් පෙන්නුම් කර ඇත. එමෙන් ම, නිදන්ගත රෝග එම තත්ත්වය තව ත් උග්‍ර කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත.

බ්‍රසීලයෙන් මේ වන විට තහවුරු වී ඇති රෝගීන් 1,066ක් සහ වෛරස් ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 513ක් වාර්තා වී තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව තහවුරු වූ රෝගීන්ගෙන් 98% කට වඩා වැඩි ප්‍රමාණයක් පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින් බව පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බ්‍රසීලයේ මරණය වාර්තා වී ටික වෙලාවකට පසු, ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යංශය monkeypox වැළඳීමෙන් සිදුවූ යුරෝපයේ පළමු මරණය තහවුරු කර තිබේ.

කෙසේ වෙතත්, එරට සෞඛ්‍ය අංශය එම රෝගියා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා නොදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ දක්වා ස්පාඤ්ඤයෙන් monkeypox රෝගීන් 3,750ක් අතරින් 120 ක් හෝ 3.2%ක් රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු මිය ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව, ලොව පුරා monkeypox රෝගීන් 21,148ක් වාර්තා වී ඇති බව ය.

Monkeypox වෛරසය වසූරිය හා සමාන වෛරස් පවුලක සාමාජිකයෙකි. නමුත් එහි දරුණු බව අඩු වන අතර විශේෂඥයින් පවසන්නේ, ආසාදනය වීමේ සම්භාවිතාව ද අඩු බව ය.

එය බොහෝ දුරට මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර අසල දක්නට ලැබේ.

ඇතැම් සමලිංගික සහ ද්විලිංගික පිරිමින් මෙන් ම, ඇතැම් සෞඛ්‍ය සේවකයින් වෛරසයට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් බවට සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කර ඇත. එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, අදාළ පිරිස් එන්නත්කරණයට ලක් කළ යුතු බව ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දියාවේ SSLV චන්ද්‍රිකා ව්‍යාපෘතියේ පළමු උත්සාහය අසාර්ථක වන ලකුණු. ගුවන්ගත කළ චන්ද්‍රිකාව ආගිය අතක් නෑ.

Mon Aug 8 , 2022
ඉන්දීය අභ්‍යාවකාශ පර්‍යේෂණ සංවිධානය හෙවත් ISRO මගින් ක්‍රියාත්මක SSLV (කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන යානා) ව්‍යාපෘතිය යටතේ පළමු චන්ද්‍රිකාව අද ගුවන් ගත කෙරිණ. ඒ ඉන්දියාවේ සතිෂ් ධවාන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටයි. එම මධ්‍යස්ථානය මගින් ගුවන් ගත කළ පළමු රොකට්ටුව වන්නේ ද මෙම SSLV 2යි. අද පෙරවරුවේ විශාල පිරිසක් එම අවස්ථාව නැරඹීමට එක්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x