BOC සභාපතිගේ තක්කඩි ගණුදෙනු හෙලිකරනු – ලංකා බැංකු සේවක සංගමයේ විරෝධතා . . .

පසුගිය වසර දෙකහමාරක කාලය තුල ලංකා බැංකුව තුල සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කරන ලද මහජන මුදල් අවභාවිතාවන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලංකා බැංකු සේවක සංගමය ඉල්ලයි.
1. මහජන මුදල් අවභාවිතා කරමින් ලංකා බැංකුවේ (BOC)  හිටපු මහා කලමණාකරුවකු වෙත රුපියල් මිලියන 32 ක අයථා ගෙවීමක් සිදු කිරීම

2. හිටපු මහාකලමණාකරුවකු වෙත රුපියල් මිලියන 50 ක් වටිනා ජිප් රථයක් රුපියල් ලක්ෂ 6 කට  හිමිකරගැනීමට සැලැස්වීම

3. බැංකුවේ සභාපතිවරයා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන ලද සමාගමක රුපියල්  මිලියන 100 ක බදු මුදල් වංචාවක් පිළිඹඳ සභාපතිවරයාට එරෙහිව නඩුවක් ගොනු වී ඇති අතර එම සමාගම ලංකා බැංකුව විසින් ලබා ගෙන ඇති රුපියල් මිලියන 350 කට ආසන්න ණය මුදල් අක්‍රිය අංශයේ පවතී. එසේ තිබියදී සභාපතිවරයා විසින් තවදුරටත් එම සමාගමට ලංකා බැංකුව හරහා ණය ලබා දීමට කටයුතු කර ඇත.

4. දේශපාලන හිතවතුන්ට අවිධිමත් ණය ගණනාවක් ලබාදීම ඇතුළු තවත් දූෂණ වංචා ගණනාවක් පිළිඹඳ ලංකා බැංකු සේවක සංගමය ඡෝදනා කරයි.

කොළඹ අවට සහ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ සභාපතිවරයාට එරෙහිව විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමටද ලංකා බැංකු සේවක සංගමය කටයුතු කර ඇත. ලංකා බැංකුවේ සභාපතිවරයාට රාජ්‍ය දේපල අවභාවිතා කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ලංකා බැංකු සේවක සංගමය වගකිවයුත්තන් වෙත දැනුම්දී තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොන්දේසියකට යටත්ව රංජන්ව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත . . .

Thu Aug 11 , 2022
කොන්දේසියකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි. විජේදාස රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. “මේ දඬුවම ලබාදීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි. සාමාන්‍ය සිද්ධියක්, අපරාධයක් සම්බන්ධවත් නෙවෙයි. මේ දඬුවම ලබාදීලා තියෙන්නෙ අධිකරණයට අපහාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x