බිත්තර මිල පහල දමන්න ඉන්දියාවෙන් ආනයනයට අවසර ඉල්ලයි . . .

වෙළඳ පොල තුළ බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ යාම ඉතා අසාධාරණ තත්ත්වයක් බවත් එනිසා එම මිල පාලනය සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසත් බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ අද වන විට බිත්තරයක් මිලට ගැනීමට රුපියල් 55/= ත් 60/= ත් අතර මුදලක් වැය වෙන බවයි. මෙම තත්ත්වය බේකරි හිමියන්ගේ නිෂ්පාදන කටයුතු කෙරෙහිද අහිතකර ලෙස බලපාන බවත් එය මෙරට ජනතාවගේ පෝෂණ තත්ත්වයටත් සෘජුව බලපාන බවත් හෙතෙම පෙන්වා දෙයි. ඒ අනුව ඉන්දියාවෙන් බිත්තරයක් රුපියල් 20/= වැනි මුදලකට ආනයනය කළ හැකි බවත් පවසන ඔහු එලෙස බිත්තර ආනයනය කොට සහන මිලකට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළමු හර්තාලයට වසර 69 යි . . .

Fri Aug 12 , 2022
ජේ ආර් ජයවර්ධන මුදල් ඇමතිවරයා වශයෙන් සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජනතාව මත අසීමිත ජීවන පීඩනයක් පැටවීමට එරෙහිව 1953 අගෝස්තු මස 12 වෙනි දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වූ අතර මේ වනවිට එයට වසර 69 ක් සම්පූර්ණ වී තිබේ. එවකට පැවති ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු වමේ පක්ෂවලට සම්බන්ධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x