දෛනික විදුලි කප්පාදුව පැය 3 ක් . . .

දෛනික විදුලි කප්පාදුව පැය 03ක පමණ කාලයක් විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නොරෝච්චෝලේ බලාගාරයෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි ධාරිතාව අහිමි වීම හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුවන බවය.

දැනට පැයයි විනාඩි 20 කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු අදියරේ ජනන කටයුතු මේ වනවිට බිඳ වැටී තිබේ. එය යථාතත්වයට පත්කිරීම සඳහා තාක්ෂණික කාර්ය මණ්ඩල කටයුතු කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.

බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ධාරිතාවක් අහිමි වී තිබේ. නොරෝච්චෝලේ බලාගාරයේ පළමු අදියර යථාතත්ත්වයට පත්කිරීම සඳහා සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ දෙවන අදියර ද නඩත්තු කටයුතු හේතුවෙන් අක්‍රීය කර ඇති අතර තුන්වන අදියරේ කටයුතු පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට නොරොච්චෝලේ බලාගාරයෙන් සැපයෙන්නේ මෙගාවොට් 270 ධාරිතාවයක් පමණයි.

කෙසේවෙතත් යුගදනවි සහ අනෙකුත් ඉන්ධන බලාගාර මඟින් විදුලි සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් මුල්තැනට CEYPETCO

Tue Aug 16 , 2022
වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ. ඒසේම ඒම පාඩුව‌ මෙම වසරේ මුල් මාස 4 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x