අරගලකරුවන්ට බියෙන් වැඩ කල ප්‍රධානීන්ට ස්ථාන මාරුවීම් . . .

රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා සේවයෙන් ඉවත් කිරීම් පසුගිය කාලයේ සිදුකර ඇත්තේ අරගලකරුවන්ට බිය වී සිටි රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීම නිසා බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජූලි 09 දිනෙන් පසු විදේශගත වීම සඳහා ගුවන් යානා ලබාදීම ප්‍රමාද කළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

හිටපු ජනාධිපතිවරයාට විදේශ ගතවීම සඳහා වීසා ලබාදීම ප්‍රමාද කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුද ඉවත් කර ඇත. සේවා දිගුවක් සහිතව රාජකාරි කළ ඔහු විශ්‍රාම ගොස් ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි. අරගලයට පැමිණි පිරිස්වල බල කිරීම් මත දුම්රිය ධාවනයට අවසර ලබාදීම හා සේවා සැපයීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානියකුටද ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ ගමන් මලු පරීක්ෂා කර නිදහස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා ශ්‍රී ලංකා රේගු ප්‍රධානියකුද තනතුරෙන් ඉවත් කර තිබේ. එලෙස ඉවත් කළ හා ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් පහළ නිලධාරීන්ගේ හා අරගලකරුවන්ගේ බලපෑම් මත රාජකාරි පැහැර හැර ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. ඉදිරියේදී ආයතන ප්‍රධානීන් නිසි ලෙස රාජකාරි කිරීම සඳහා යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ආණ්ඩුව ගෙන ඇත.

උදයජීව ඒකනායක

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවේ . . .

Tue Aug 16 , 2022
ඛණිජ තෙල් මිල සූත‍්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල පදනම් කරගනිමින් කි‍්‍රයාත්මක මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කළ යුතු වනවා. කෙසේ වෙතත් ඊයේ රැස් වූ ඛණිජ තෙල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x