ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවේ . . .

ඛණිජ තෙල් මිල සූත‍්‍රයට අනුව මෙවර ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල පදනම් කරගනිමින් කි‍්‍රයාත්මක මෙම මිල සූත‍්‍රයට අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල සංශෝධනය කළ යුතු වනවා. කෙසේ වෙතත් ඊයේ රැස් වූ ඛණිජ තෙල් සංස්ථා සහ අමාත්‍යංශ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙවර ඉන්ධන මිල සංශෝධනය නොකිරීමටයි.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොලේ මේ වන විට ඉන්ධන මිල පහළ මට්ටමක පවතින අතර අද පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93 ක් සහ WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88ක් ලෙස සටහන්ව තිබුණා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දේශීයව නිෂ්පාදිත නව ඖෂධ 3ක් වෙළෙඳපොළට . . .

Tue Aug 16 , 2022
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළෙඳපොළට නිකුත් කිරීම ඊයේ රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදී  නිල වශයෙන් සිදු වුණා. තයිරොක්සීන් ඌනතාව සඳහා ලබාදෙන Levothyroxin 50mg ගැස්ටි්‍රක් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන Omeprazole 20mg කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන Mefenamic Acid 50mg පෙති විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීම  එහිදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x