දේශීයව නිෂ්පාදිත නව ඖෂධ 3ක් වෙළෙඳපොළට . . .

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නව ඖෂධ තුනක් වෙළෙඳපොළට නිකුත් කිරීම ඊයේ රත්මලාන පිහිටි එම සංස්ථා පරිශ්‍රයේදී  නිල වශයෙන් සිදු වුණා. තයිරොක්සීන් ඌනතාව සඳහා ලබාදෙන Levothyroxin 50mg ගැස්ටි්‍රක් ආම්ලිකතාවය ඇතිවීම වැළැක්වීම සඳහා ලබාදෙන Omeprazole 20mg කරල් සහ වේදනා නාශක ලෙස ලබාදෙන Mefenamic Acid 50mg පෙති විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීම  එහිදී සිදුවිය.

මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40% දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20% ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා සඳහන් කලේ ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර ගැනීමට හැකි වන අතර පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳුමක් අපේක්‍ෂා කරන බවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩීසල් නෞකාවක් කොළඹට ළගාවීමට නියමිතයි . . .

Wed Aug 17 , 2022
ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවට වාර්තා වෙයි. මෙම සුපිරි ඩීසල් තොගය මාස දෙකකට අධික කාලයකට පසුව ලැබුණු තොගය බවත් ඩීසල් තොගයේ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව ක්‍රමානුකූලව පිරවුම්හල වෙත නිකුත් කිරීමටත් නියමිතව ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x