පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් මුල්තැනට CEYPETCO

වසරේ මුල් මාස 4 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 628ක පාඩුවක් ලබා ඇති අතර ඒ් අනුව මේ වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය අංශය සතු ව්‍යාපාර වලින් වැඩිම පාඩුවක් ලැබූ ආයතනය බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පත්ව තිබේ.

ඒසේම ඒම පාඩුව‌ මෙම වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ආයතන සියල්ලම ලැබූ අලාභය වන රුපියල් බිලියන 860ක අගයෙන් 73%ක අගයක් ගනී. ඛනිජ තෙල් සංස්ථාව මේ ආකාරයට අලාභ ලැබීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ විනිමය අනුපාත හරහා ලැබූ අලාභයයි. ඒම අගය රුපියල් බිලියන 550ක් පමණ වෙයි.

ඒසේම සමස්ත රජයේ ව්‍යාපාර 52 මේ වසරේ මුල් මාස හතර තුළ ලැබූ රුපියල් බිලියන 860ක අලාභය 2021 වසරේ සියලුම රාජ්‍ය ආයතන ලැබූ සමස්ත පාඩුව ඉක්මවා යාමක්ද වී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අරගලකරුවන්ට බියෙන් වැඩ කල ප්‍රධානීන්ට ස්ථාන මාරුවීම් . . .

Tue Aug 16 , 2022
රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා සේවයෙන් ඉවත් කිරීම් පසුගිය කාලයේ සිදුකර ඇත්තේ අරගලකරුවන්ට බිය වී සිටි රාජකාරිය නිසි ලෙස ඉටුනොකිරීම නිසා බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජූලි 09 දිනෙන් පසු විදේශගත වීම සඳහා ගුවන් යානා ලබාදීම ප්‍රමාද කළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකුට ස්ථාන මාරුවීම් ලබාදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x