ගුවන් සමාගම් 2 ක් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි . . .

ඉන්ධන පිරවීමේ පහසුකම් නොමැතිකම හා ආදායම් ඉපයීමේ ගැටලු වැනි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වී ඇති ගැටලු හේතුවෙන් විදේශීය ගුවන් සමාගම් 5 ක් සතියක් තුල මෙරටට සිදුකල ගමන්වාර සංඛ්‍යාව 108 සිට 52 දක්වා අඩු කර ඇති අතර තවත් ගුවන් සමාගම් 2 ක් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවද වාර්තා වේ.

එමිරේට්ස්, කටාර් එයාවේස්, එටිහැඩ් ,ඕමාන් ,එයාර් ඉන්දියා යන ගුවන් සමාගම් ගුවන් ගමන් වාර ගණන අඩු කර ඇති අතර සෞදි එයාර් සහ කුවෙට් එයාර්වේස් යන සමාගම් දෙකම මෙරටට පැමිනීම අත්හිටුවා තිබේ.

තවද මාලදිවයින් , කොරියන්, සලාම් එයාර්වේස් , තායි ස්මයිල්, චයිනා සදර්න්, ස්විස් ඉන්ටර්නැෂනල් යන සමාගම්ද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය යහපත්වන තුරු මෙරට සමග සිදු කරණ ගුවන් මෙහෙයුම් සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්ථා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මර්වින් සිල්වා අත්ඩංගුවට

Thu Aug 18 , 2022
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියා පැවසීය. ඊට අදාළ නීතිපති උපදෙස් ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ඔහු වැඩිදුරට ත් සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x